(විමුක්ති එස් රුද්‍රිගු)
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.
දුමින්ද සිල්වාට ලබාදී ඇති ජනපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය කරමින් ලබාදී ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
දුමින්ද සිල්වාට ජනපති සමාව ලබාදීමෙන් අගතියට පත් පාර්ශවය ගොනුකර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරුමඩුල්ල හමුවේ සලකා බැලූහ.

