දුමින්දගේ තත්ත්වයේ වෙනසක් නෑ


මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (11) තෙවැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ තත්ත්වයේ වෙනසක් නැතැයි ද ඔහු සම්බන්ධ කැර ඇති යන්ත‍්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරුන් නිරන්තර සෝදිසියෙන් සිටින්නේ යැයි ද රෝහල් අධ්‍යක්ෂ දොස්තර එස්.ඒ.කේ ගමගේ පවසයි.