දුමින්දගේ තත්ත්වය යහපත් අතට
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසේ තිබූ උණ්ඩ දෙකක් ජයවර්ධනපුර රෝහලේ දී පැය දෙකක පමණ සැත්කමකින් පසු ඉවත් කළ බවත් ඔහුගේ තත්ත්වය යහපත් බවත් ඔහු දැනට දැඩි සත්කාර ඒකකයේ පසු වන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. දුමින්ද සිල්වා මහතාගේ පැලවත්තේ නිවෙසට පොලිස් ආරක්ෂාව සපයා ඇත.

