දුමින්දගේ අභියාචන පෙත්සම් විභාගයේ විත්තියේ දේශන අවසන්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
 
හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් පප්‍රේමචන්ද්‍ර  මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් ව මරණ දඩුවම් නියමූ හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු  තමන් එම දඩුවමින් නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ අභියාචන පෙත්සම් විභාගයේ විත්තියේ දේශන අදින් (05) අවසන් කෙරිණි.
 
ඒ අනුව නීතිපතිගේ  දේශන ලබන 20 සහ 21 දිනට  සිදු කිරීමට අභියාචනාධිකරණය  තීන්දු කළේය.
 
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන  නලින් පෙ⁣⁣රේරා. සහ විජිත් මළල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැදවිණි.
 
අභියාචන විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා , අනූජ ප්‍රේමරත්න , අනුර මැද්දේගොඩ , සාලිය පීරිස් යන මහත්වරුන් පසුගිය දින  කිහිපය පුරා  විත්තියේ දේශන දැක්වූහ.
 
ත්‍රිපුද්ගල  මහාධිකරණය  විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරැන් ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බවද හිටපු පාර්ලි⁣මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකාර අභියාචකයින් සිය අභියාචයෙන් කියා තිබිණි
 
ඒ හේතුවෙන් එම දඩුවම් අහෝසි කර සියලු චෝදනා වලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ඔවූහු අධිකරණයෙන් ඉල්ලා සිටී.