දුමින්ද සිංගප්පුරුවේ
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා කටුනායක ගුවන්තොටේ සිට පෞද්ගලික ජෙට් යානයකින් සිංගප්පූරුවට රැගෙන ආ බව එංගලන්තයේ ඬේලිමිරර් පත‍්‍රය මුල්පිටුවේ වාර්තා කෙළේය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහලේ සිට රත්මලාන ගුවන්තොටට විශේෂ ගිලන් රියකින් රැගෙන ගිය බව ද එහි සිට හෙලිකොප්ටරයකින් කටුනායකට රැගෙන ගිය බව ද කියති. ඔහු රැගෙන ගිය වාහන පෙළට වාහන විස්සක් ද ගිලන් රිය හතරක් ද ඇතුළු වූ බව වාර්තා වෙයි. දුමින්ද සිල්වාගේ පියාත්, සොහොයුරාත් ඔහු සමග සිංගප්පුරුවට ගියහ. ඔහු සිංගප්පුරුවේ මවුන්ට් එළිසැබෙත් රෝහලට ඇතුළු කරනු ලැබීය.

