චමිල් රූපසිංහ
ජනතාවගේ මතය අනුව තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් වරදකරුවන්ට සහයෝගය ලබාදී ආණ්ඩුවේ රැදී සිටිනවාට වඩා වරදට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ආත්ම විශ්වාසයක් හා ශක්තියක් තිබෙන බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අද (02) පැවැති වාර්ෂික පර්යේෂණ සමුලුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂධයේ මහ ලේකම් පදවිය භාරගත් පසු පක්ෂ ඉතිහාසයේ පළමු වරට එහි ඡන්ද පදනම සියයට 3.8 දක්වා පහළ වැටුණු බවත් අමාත්‍යවරයා පැවැසීය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මහජන නියෝජිතයන් 41 දෙනා අද සවස සකච්ඡා කරන බව අමාත්‍යවරයා කීය.
ආණ්ඩුව පිළිබදව ජනතාව දරන මතය කුමක්දැයි විමසීම සඳහා අමුතුවෙන් සමීක්ෂණ කළ යුතු නැති බවත් දුම්රිය ස්ථානය, කඩමණ්ඩිය, අවමගුල් උත්සවය වැනි සෑම ස්ථානයක් හා ඕනෑම අවස්ථාවකදී ආණ්ඩුව පිළිබදව ජනතාව දරන මතය ඉතා පහසුවෙන් හදුනා ගත හැකි යැයිද ප්‍රේමජයන්ත් මහතා කීවේය.
දුමින්ද මහ ලේකම් වූ පසු ශ්‍රීලනිප ඡන්ද පදනම අඩුවුණා - ඇමැති සුසිල්
Recommended Articles