දුමින්ද බෙහෙත් ගන්න අවසර ඉල්ලයි: තීන්දුව නොවැම්බර් 2


වෙඩි ප්‍රහාරයෙන් ලක්වු තුවාල වලට  ප්‍රතිකාර  ගැනිම සඳහා  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  දුමින්ද සිල්වා  මහතා  හයවැනි වරටත් සිංගප්පුරුවට  යෑමට  අවසර  දෙන ලෙස ජනාධිපති නීතිඥ අනිල් සිල්වා  මහතා  එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන්  අද (28) ඉල්ලා සිටියේය.

සිංගප්පුරුවේ මවුන්ට්  එළිසබෙත් රෝහලේ විශේෂඥ වෛද්‍ය  කීත් හෝ මහතාගේ ලිපියක් ද ඉදිරිපත්  කරමින්  අනිල් සිල්වා  මහතා  මෙම ඉල්ලීම කළේය.

නඩුවට  පාදක වු සිද්ධියේ හිසට  ඇති වු  බරපතල තුවාල හේතුවෙන්  ඔහු  ශල්‍ය  කර්මයට ලක්  කරන ලද්දේ එම රෝහලේ  විශේඥ වෛද්‍ය  කීත් හෝ බව අධිකරණයට  දැනුම් දුන් අනිල් සිල්වා මහතා  තම සේවා දායකයාට  සිදු කළ ශල්‍ය  කර්මය බරපතල තත්ත්වය අනුව ඔහු මාස 6 කට  වරක්  පරික්ෂා  කොට  ප්‍රතිකාර  ලබාගත යුතු බව  කීවේය.

නොවැම්බර් මස 10 වැනි දා  සිට සති දෙකහමාරක් ප්‍රතිකාර  ගැනිමට  අවසර ඉල්ලු නිතිඥ අනිල්  සිල්වා  මහතා  ඔහු නොමැතිව මෙම නඩුව විභාග කිරිම සම්බන්ධයෙන්  කිසිදු විරුද්ධත්වයක් නැතැයි ද ප්‍රකාශ කළේය.

ඒම ඉල්ලිම සළකා  බැලු භාරත ලක්ෂ්මන්  නඩුව විභාග කරන ශිරාන් ගුණරත්න (සභාපති) පද්මිණි රණවක ගුණතිලක මහත්මිය සහ ඒම්.බී. සි.ඒස්. මොරායස් යන විනිසුරුවන්ගෙන් සැඳුම්ලත් විනිසුරු මඩුල්ල ඒම ඉල්ලීම පිළිබඳ නියෝගය මෙම නඩුව යළි කැදවන ලබන මස 02 වැනි දා ප්‍රකාශයට  පත් කරන බව දැනුම් දුන්හ.