දුමින්ද බලන්න රට වෛද්‍යවරු එති
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා විදෙස් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ පරීක්‍ෂාවට ලක්වූ බව එම රෝහලේ වෛද්‍යවරු කියති. සිංගප්පූරුවේ සුප‍්‍රසිද්ධ රෝහලක වෛද්‍යවරයෙක් ඉකුත් බ‍්‍රහස්පතින්දා ද ලන්ඩන්හි සුප‍්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් අද ද (16) ඔහු පිරික්සූහ.
ඔවුන් පැමිණ ඇත්තේ නෑයන්ගේ ඉල්ලීම අනුවය.
මන්ත‍්‍රීවරයාට ප්‍රෝටීනමය දියර ආහාර වර්ග දෙන අතර රෝගී තත්ත්වයේ සැළකිය යුතු වෙනසක් නැති බව මෙරට වෛද්‍යවරු කියති.

