දුමින්ද තවත් දැඩි සත්කාර ඒකකයකට


පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා දැඩි සත්කාර ඒකකයේ සිට ස්නායු ශල්‍ය ඒකකයේ දැඩි සත්කාර ඒකකයට අද මාරු කළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ දොස්තර එස්.ඒ.කේ. ගමගේ මහතා කියයි. ඔහුට දියර ප්‍රෝටීන ආහාර ලබාදෙන බවත් ඔහු විටින් විට සිහිය ලබන බවත් අධ්‍යක්ෂවරයා පවසයි. ඔහුට තවත් සැත්කමක් කළ යුතු නමුත් එය ඉක්මනින් කළ යුතු නැතැයි වෛද්‍යවරුන් තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.