හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදෙන්නැයි ඉල්ලමින් ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් මේ මොහොතේ ශ්‍රීලනිප නාමයෝජනා අත්සන් කෙරෙන කොළඹ මහවැලි කේන්ද්‍රය අසලට එක්රැස්ව සිටිති.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මේ බව පැහැදිලි කිරීමට භික්ෂූන් ප්‍රමුඛ විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ට ජනපති හමුවීමට නොහැකි විය. විපක්ෂ නායක කාර්යාලයටද පිරිසක් පැමිණි අතර මහවැලි කේන්ද්‍රයේ සිටි දිනේෂ් ගුණවර්ධන මහතා ඔවුන් හමුවී කියා සිටියේ දුමින්ද සිල්වාට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් අද සවස සන්ධානයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙන බවයි.
මේ අතර පැමිණ සිටි පිරිසෙන් කිහිප දෙනෙක් ජනපති හමුවීම සඳහා කැඳවාගෙන ගිය බවත් වාර්තාවේ.






