දුම්වැටි ළඟ තබා ගත් දෙදෙනෙක්ට දඩ


(ටෝනි කරුණානායක)
 
තීරුබදු  නොගෙවා මෙරටට විදේශීය දුම්වැටි 4300ක්  රැගෙනවිත්  සන්තකයේ තබා ගත් ඉන්දීය ජාතිකයකු ඇතුළු දෙදෙනෙකුට එක්  අයකුට  රුපියල් 20,000 බැගින් දඩයක් මිනුවන්ගොඩ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ෆිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (24) නියෝග කළාය.