දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් මාට්ටු


(ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 මොහු රත්නපුර ප්‍රදේශයේ පදිංච් 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

ඔහු අද  උදෑසන 08.35 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 08 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 83,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 418 ක් සගවා ගෙන තිබී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .