(කටුනායක ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඩුබායි සිට ගෙන ආ දුම්වැටි තොගයක් 2/13 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය .
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඩුබායි හි සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවකයින් තිදෙනෙකි.
ඔවුන්ගේ ගමන් මලු වල විදේශීය නිෂ්පාදිත ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි කාටූන් 159 ක් සහ පැකට් 462 ක් තිබී ඇත.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සිතාරා ජයසේන මෙම දුම්වැටි තොගය රාජසන්තක කර ගෘහ සේවකයින් තිදෙනාට අවවාද කර නිදහස් කර ඇත.
මේ ආකාරයට විදේශීය දුම්වැටි නීතිවිරෝධී රැගෙන ඒම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් මෙසේ නීතිවිරෝධී ලෙස රැගෙන එන දුම්වැටි සඳහා දඩ මුදල් අය කිරීමට හෝ සිර දඩුවම් නියම කිරීම පිළිබඳව රේගුවේ අවධානය යොමු වී ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.