දුම්වැටි තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල)

රූපවාහිනියක් සහ මේස විදුලි පංකාවක් රැගෙන එන මුවාවෙන් ඒවා අඩංගු පෙට්ටි තුළ නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් සඟවා ගෙන ඩුබායි සිට පැමිණි තරුණයක් අද (29)  කටුනායක ගුවන් තොටුපොළේ  අත් අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.
 
මොහු කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. 
 
එහි දුම්වැටි කාටූන් 117 ක් තුළ දුම්වැටි 23,400 ක් තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් 12,50,000 ක් බවත් රේගුව කියයි.