(ටී.කේ.ජී.කපිල)
නීතිවිරෝධී ලෙස කුවේටයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ එක් පුද්ගලයකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා විසින් රුපියල් ලක්ෂ 15 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 30,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 150 ක් තම ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණ තිබේ.

