දුම්රියේ පෙට්ටියක් අඩු කළාට විරෝධය


හික්කඩුව - මරදාන කාර්යාල දුම්රියයේ දෙවැනි පන්තියේ මැදිරියක් අඩු කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වන බව දුම්රිය මගීහු කියති.

පසුගිය සඳුදා සිට දෙවැනි පන්තියේ මැදිරියක් අඩු දුම්රියක් යොදවා ඇතැයි ඔවුහු පවසති.

කාර්යාල දුම්රියේ සෙනඟ වැඩි නිසා දෙවැනි පන්තියේ මාසික ප්‍රවේශපත්‍ර ලබා ගත් මගීන් දැන් තෙවැනි පන්තියේ ගමන් ගන්නා බවත් ගමගින් දෙවැනි සහ තෙවැනි පන්ති වාර ප්‍රවේශපත් ගත් සියලු දෙනා අපහසුතාවට පත් වන බවත් මගීහු කියති.

දුම්රිය පාලන මැදිරියෙන් මේ ගැන විමසූ විට එහි ප්‍රකාශකයකු කීවේ එවැනි ගැටළුවක් ඇත්නම් සොයා බලන බවයි.