(ජේ.කේ.එල් චාමින්ද)
නොර්වේ ජාතික කාන්තාවකට අයත් මුදල් සහ දේපල ඇතුළත් අත් බෑගයක් කොළඹ සිට මාතර බලා ධාවනය වු දුම්රියක ගමන් ගත් පුද්ගලයකු විසින් කොල්ල කා පලා ගිය බවට අදාළ විදේශීය කාන්තාව විසින් අම්බලන්ගොඩ පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇත.
ජැක්ලීන් ගීනන් නැමති මෙම නොර්වේ ජාතික කාන්තාවට අයත් මුදල් විදේශ ගමන් බලපත්‍රය, ජංගම දුරකථනය ඇතුළු දේපල සහිත අත් බෑගය මෙසේ කොල්ලකනු ලැබූ බව අම්බලන්ගොඩ පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් වේ.
කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නතර කර ආපසු ධාවනය ආරම්භ කර විනාඩි කිහිපයක් ගත වෙද්දී කොල්කරු තම අත්බෑගය කොල්ලකා පලා ගිය බව පොලිසියට කරන පැමිණිල්ලේ ඇත.