(යොහාන් භාසුර)
කොවිඩ් වසංගතයන් ආරක්‍ෂා වීමේ පියවරක් ලෙස අවසර ලත් මගීන්ට පමණක් දුම්රියේ යෑමට අවසර ලැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
රාජකාරි හැඳුනුම්පත හෝ අදාළ ලියකියවිලි නොමැති පුද්ගලයින්ට අන්තර් පළාත් දුම්රිය සේවා භාවිතාකිරීමට නොහැකි බවත් දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශයට අදාල අවසරපත් ඕනෑම අවස්ථාවක පරීක්ෂා කර පියවර ගතහැකි බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.

