දුම්රියන් කිහිපයක් ධාවනය කිරීමෙන් පසු කොටුව දුම්රිය ස්ථානය වසා දැමේ


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය පස්වරු  6.45 වන විට සම්පුර්ණයෙන්ම වසා දැමිණ.

කාර්යාල නිමවා නිවෙස් බලා යන ජනතාව උදෙසා මහව , ගාල්ල , හලාවත සහ අවිස්සාවේල්ල දක්වා දුම්රියන් කිහිපයක් ධාවනය කෙරුණු අතර එම දුම්රියන් සියල්ලම කොළඹ කොටුවෙන් පිටත් වූ විගස දුම්රිය ස්ථානය වසා දැමිණ.

පොලිස් කැරලි මර්ධන ඒකකයේ සාමාජිකයන් ඇතුළු පොලිස් නිලධාරීන් ද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශාල පිරිසක් යොදවා දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ආරක්ෂාව තර කර තිබෙන අයුරු දැක ගත හැකි වූ අතර පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළහි මාතර බලා පිටත් වන බස් රථ සඳහා මගීන් විශාල පිරිසක් පෝලිම් ගැසී සිටින අයුරුද පෙනෙන්නට තිබුණි.