
( පාලිත ආරියවංශ )
බදුල්ල සිට මහනුවර දක්වා අද(9) අලුයම පිටත්වූ දුම්රියක් හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථානයන් අතර හාලිඇල 177 කි.මී.කණුවට නුදුරු ස්ථානයකදී පීලිපැනීමකට ලක්විය .
උදෑසන 6.10 පමණ මෙම පීලිපැනීම සිදුව ඇති දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
දෙමෝර ගැටය අසදී පසුගියදා මෙම දුම්රිය මාර්ගයට විශාල ගලක් ගඩාවැටී අවහිරවීම නිසා දුම්රිය ගමන දින 3ක් න තරවූ අතර ඉන්පසු ඊයේ (8) දුම්රියක් නාවලපිටියට ගමන්කළේය .
අද දෙවැනි දිනයේ මහනුරව බලා ගමන්කරද්දී මෙසේ පීලිපැනීමට ලක්විය.
මාර්ගය ලිස්සාගොස් පීලිපැනීමට ලක්වූ බව දුම්රියේ රියදුරු සිරිල් වික්‍රම ලියනගේ මහතා පැවසීය .


