(මනෝජ් හර්ෂික)
ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවයෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහනක් සිදු කෙරේ.
සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය ඇතිව එළැඹෙන ජූනි 28 වැනිදා නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී මෙම වැඩසටහනෙහි සමාරම්භ කිරීමට නියමිතය.

