(ජයමාල් චන්ද්‍රසිරි)
ආදේශක, අනියම්, තාවකාලික පදනමින් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් පිරිස ස්ථිර කරන ලෙස ඉල්ලා දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණෙහි සාමාජිකවරු අද(17) කොම්පඤ්ඤවීදිය දුම්රියපළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ආරම්භ කළහ.
දුම්රිය සේවකයෝ අරලියගහ මන්දිරය දක්වා පාගමනින් පැමිණි අතර, අග්‍රාමාත්‍යවරයාට සන්දේශයක්ද බාරදුන්හ.





