දුම්රිය සේවකයෝ 9වැනිදා සිට වැඩවර්ජනයක


(මහින්ද නිශ්ශංක)
 
දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති, පාලක හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන් ලබන 9 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයකට එළඹීමට තීරණය කර ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.
 
මෙම ශ්‍රේණි සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරන ලද එම්. පී. 1 හා 2 වැටුප් ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කිරීම  ගැන විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඒ මහතා කීය.