බිඟුන් මේනක ගමගේ සහ ශිරාන් රණසිංහ
හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට පත්වීමෙන් කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් කාරී තත්ත්වයක් ඇති වේ තිබේ.
දුම්රිය නොමැතිවීමට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය අවහිර කරගෙන විරෝධතාවක් ද ඇරැඹූහ.
කොටුව දුම්රිය නැවතුම්පොළේ සිටි දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු මගීන්ගේ පහරකෑමට ලක්වූ බව පොලිසිය කියයි.මේ වන විට කොටුව දුම්රිය ස්ථානය අසලට ජන විදින රථ සහ පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරීහු ද පැමිණ සිටිති.
කිසිම දුම්රියක් ධාවනය නොවීම නිසා මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.දුම්රිය මගීන්ට දුම්රිය ස්ථානයෙන් පිටතට යන ලෙස පොලිසිය දැනුම් දුන්නත් මගීහු පිටතට නොපැමිණියහ.දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය මගීන්ගෙන් පිරීගොස් ඇති අතර වාහන ගමනාගමනාගමනය ද අඩාල වී තිබේ.
නොසන්සුසන් වූ මගීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ දේපොළවලට ද අලාභ හානි කර තිබේ.
ප.ව 7.30 - කොළඹ කොටුව ප්‍රදේශයට අධික වර්ශාවක් ඇද හැලෙන්නට විය.
ප.ව 7.40 - කැමරාකරුවන්ට සහ ඡායාරූප මාධ්‍යවේදීන්ට පිටතට යන ලෙස මගීහු දැනුම් දෙති.
ප.ව 7.45 - කලහකාරී වූ මගීහු පිරිසක් කොටුව දුම්රිය ස්ථානයේ පාලක මැදිරියට පහර දෙති.
ප.ව 7.55 - පොලිස් විශේෂ කාර්ය බළකාය දුම්රිය ස්ථානයට ඇතුළු වෙයි.
ප.ව 8.05 - සංසුන්වන්නැයි යුද හමුදාව නිවේදනයක් කරමින් දුම්රිය මගීන්ගෙන් ඉල්ලයි.
ප.ව 8.06 - පැයක් ඇතුළත දුම්රිය කිහිපයක් ධාවනය කර වීමට නියමිත බැවින් සංස්න්ව සිටින්නැයි යුද හමුදාව කොටුව දුම්රිය ස්ථානයේ නිවේදනයක් කරමින් මගීන්ගෙන් ඉල්ලා සිටියි.
ප.ව 8.08 - සේවයට වාර්තා කරන්නැයි විශ්‍රාමික දුම්රිය රියදුරන්ගෙන් ඉල්ලීමක්.
ප.ව 8.15 - දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ලංගම රියදුරන්ගේ නිවාඩු අවලංගු කරයි.
ප.ව 8.23 - මහනුවර බලා යන දුම්රියක් තව නොබෝ වේලාවකින් කොටුව දුම්රිය ස්ථානයේ හතර වැනි වේදිකාවට පැමිණෙන බව නිවේදනය කරයි.
ප.ව 8.34 - දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ඕනෑම මාර්ගයක ධාවනය කිරීමට පෞද්ගලික බස්රථවලට අවසර.
ප.ව 9.10 - මහව දක්වා ගමන් ගන්නා සහ සියලුම දුම්රිය ස්ථානවල නවත්වන දුම්රියක් හත් වැනි වේදිකාවට පැමිණෙන බව නිවේදනය කරයි.
ප.ව 9.15 - යුද හමුදා බස් රථ 26ක් මගී ප්‍රවාහනයට යොදවන බව ලංගම සභාපති කියයි.
ප.ව 9.20 - තවම කිසිම දුම්රියක් ධාවනය නොවීය. මගීහු දුම්රියක් ධාවනය වන තෙක් බලා සිටිති.
ඡායාරූප චතුර එස් කොඩිකාර












