දුම්රිය ස්ථානවල මුදල් පාර්සල් බාරගැනීම නවතී


(මහින්ද නිශ්ශංක)

මුදල් ගනුදෙනුවලින් ඉවත්වීමේ පියවරක් ලෙස දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරිමට හා පාර්සල්වලට අදාළ කටයුතු සිදු නොකිරිමට දුම්රිය ස්ථානාධිපතිවරු අද (17) දහවල් තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.

කොරෝනා වයිරසයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය මගින් ආරක්ෂා කිරිමේ පියවරක් ලෙස අද දහවල් 12 සිට ක්‍රියාත්මක කෙරෙන මෙම ක්‍රියාමාර්ගය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බවද ජනක මහතා කීය.a