දුම්රිය වර්ජනයෙන් ලංගමයටත් කෝටියක පාඩුවක්


(ශිරාන් රණසිංහ )

වර්ජනය පැවැති දිනවල දුම්රිය දෙපාර්තමේන්තුව පමණක්  නොව ලංගමයද රුපියල් මිලියන දහයකට අධික මුදලක් පාඩු ලබා ඇතැයි ලංගම සභාපති  රමාල් සිරිවර්ධන මහතා පැවසීය.

වර්ජනය පැවැති දිනයේ සිට දවස් පහක් දුම්රිය වාර ප්‍රෙව්ශපත් හිමි දුම්රිය මගීන් ලංගම බස් රථවල නොමිලේ ගෙන යාම නිසා  හා දිනකට කිලෝමීටර් 80,000 කට වඩා ලංගම බස් වැඩිපුර ධාවනය කරන්නට සිදු වීම නිසා මෙම පාඩුව සිදු වු බවද හෙතෙම සදහන් කළේය.