( මහින්ද නිශ්ශංක )
දුම්රිය රියදුරු නියාමක,ස්ථානාධිපති හා දුම්රිය පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70 ක්ට වඩා වැඩි පාඩුවක් සිදු වී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසීය.
වැඩ වර්ජන කාලය තුළ මගී ප්‍රවේශපත් නිකුත් නොකිරීම, භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය සිදු නොවීම, තැපැල් දුම්රිය ධාවනය නොවීම, මගී ආසන වෙන් කළ දේශිය හා විදේශිය මගීන් සඳහා මුදල් ගෙවීම හා වායු සමනය කළ ලංගම බස් රථ යෙදවීම නිසා මෙම පාඩුව සිදු වී ඇති බවද ඒ මහතා කීය.