දුම්රිය වර්ජනයට සියලු අංශ එක්වෙයි


මහින්ද නිශ්ශංක

දුම්රිය ශ්‍රේණිගත හා දේශපාලන වෘත්තීය සමිති ඊයේ (3) මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ කළ අඛණ්ඩ වර්ජනයට අද (4) වනවිට දුම්රිය සියලු විධායක නිලධාරීන් ඉංජිනේරුවන් ඇතුළු සියලු අංශ එක්වී ඇතැයි දුම්රිය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් මහතා පැවසීය.

ඊයේ (3) මධ්‍යම රාත්‍රීයේ සිට මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොකළ බවද ඒ මහතා කීය.

රාජකාරි වේලාවේදී මත්පැන් පානය කිරිම සම්බන්ධව වැඩ තහනම් කළ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකු නැවත සේවයට ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයකු දුම්රිය සාමාන්‍යාධිකාරි බලපෑම් කිරිමට විරෝධය දක්වා වර්ජනය ක්‍රියාත්මක කෙරේ.