දුම්රිය වර්ජනය දිගටම


අමල් වික්‍රමරත්න

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ  දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය සංගමය අතර (08) අද පෙරවරු 10.30 සිට පස්වරු04.00 දක්වා පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය සංගමය සඳහන් කරයි.

සාකච්ඡාව සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.