දුම්රිය වර්ජනය අත්හිටුවයි


(මහින්ද නිශ්ශංක)

වැටුප් විෂමතා ගැටලුවක් මුල් කරගෙන දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපතිවරු අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ගිය අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය.

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම ගැටලුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළ බවත් ඔහු ජනපති සමග සාකච්ඡා කර ප්‍රශ්නය විසඳන බවට දුන් පොරොන්දුව අනුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවත් ඔහු කීය.