දුම්රිය වර්ජකයන්ට එ‍රෙහිව සාමාන්‍යාධිකාරීගෙන් පැමිණිල්ලක්


(මහින්ද නිශ්ශංක)

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන නොසළකා දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරිම සම්බන්ධව වර්ජකයන්ට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කොටුව පොලිසියට අද (28) ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා පනත අනුව දුම්රිය රියදුරු, නියාමක, පාලක හා ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස සාමාන්‍යාධිකාරි ඩිලන්ත මහතා කොටුව පොලිසියෙන් ඉල්ලා ඇත.