දුම්රිය රියැදුරෝ වර්ජනය අත්හිටුවති


-සවස 4.52 වනවිට-

(නිමල කොඩිතුවක්කු) 

චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් ගත් තීරණය තාවකාලිකව අත්හිටවූ බව  දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ලංකාදීපයට පැවසීය.

චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමේදී තිරිංග පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයක් හේතුවෙන් ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්න වූ බවද ඔහු සඳහන් කලේය.

ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග මේ සම්බන්ධයෙන් අද(1) දිනයේ සාකච්ඡා කළ බවත් එහිදී ඔවුන්ගේ ඉල්ලීම මත හලාවත බලා ධාවනය වන මුතුකුමාරි දුම්රිය පොල්ගහවෙල බලාධාවනය වන කාර්යාල දුම්රියක් පමණක් ධාවනය කිරීමට එකඟතාවය පළ කළ බවත් ඔහු කියා සිටියේය.

යම් අනතුරක් සිදුවුවහොත් දුම්රිය කාර්යමණ්ඩලය නිදහස් කිරීමේ එකඟතාවය මත දුම්රිය ධාවනය කිරීමට එකඟවු බවද දොඩංගොඩ මහතා කීය.

චීන මැදිරි සහිත දුම්රියවලට රුමේනියා මැදිරි එක්කර ධාවනය කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් පැවසූ ඒ මහතා සතියක් තුළ මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම විසදීමට අපොහොසත් වුවහොත්  යලිත් අඛණ්ඩව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බවත් පැවසීය.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනය තුළ දුම්රිය ගමන්වාර අටක් පමණ ධාවනය නොවු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


(නිමල කොඩිතුවක්කු)
 
චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමෙන් ඉවත්වීමට දුම්රිය රියදුරන් ගත් තීරණය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ලංකාදීපයට පැවසීය.
 
චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමේදී තිරිංග පද්ධතියේ පවතින දෝෂ තත්ත්වයක් හේතුවෙන් ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය  ගත් බවද ඔහු සඳහන් කළේය.
 
ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග මේ සම්බන්ධයෙන් අද(01) සාකච්ඡා කළ බවත් එහිදී ඔවුන්ගේ ඉල්ලීම මත හලාවත බලා ධාවනය වන මුතුකුමාරි දුම්රිය පොල්ගහවෙල බලා ධාවනය වන කාර්යාල දුම්රියක් පමණක් ධාවනය කිරීමට එකඟතාවය පළ කළ බවත් ඔහු කියා සිටියේය.
 
යම් අනතුරක් සිදුවුවහොත් දුම්රිය කාර්යමණ්ඩලය නිදහස් කිරීමේ එකඟතාවය මත දුම්රිය ධාවනය කිරීමට එකඟවු බවද දොඩංගොඩ මහතා කීය.
 
චීන මැදිරි සහිත දුම්රියවලට රුමේනියා මැදිරි එක්කර ධාවනය කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් පැවසූ ඒ මහතා මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳන තෙක් අඛණ්ඩව මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බවත් පැවසීය.
 
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ දිනය තුළ දුම්රිය ගමන්වාර 8ක් පමණ ධාවනය නොවු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.