දුම්රිය මගීහු කොරෝනාත් එක්ක ගෙදර යති


(ඩයනා උදයංගනී)

දුම්රිය කිහිපයක් අද (6) දිනයේදී අවලංගුවීම හේතුවෙන් රාජකාරී නිමවී නිවෙස් කරා ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්වූහ.

ධාවනය වූ දුම්රියවල දැඩි තදබදයක් යටතේ ගමන් කිරීමට දුම්රිය මගීන්ට සිදුවූයේ කොරෝනා අවදානමද නොතකමිනි.

එසේ ගමන් කළ පිරිස් දුම්රිය අවංලගු කිරීමේ තීරණය ගැන දුම්රිය දෙපාර්තමේන්තුව වෙත සිය නොසතුට පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබෙනු ද දක්නට ලැබිණි.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ මේ දිනවල මගීන්ගේ පැමිණීමේ අඩුවක් ඇති නිසා මෙම පියවර ගත් බවයි.