
(යොහාන් භාසුර)
දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමේ අවස්ථාව ලබාගැනීමේ ඉල්ලීම ලබන සිකුරාදා පැවැත්වෙන ‘කොවිඩ්’ මර්දන කමිටුවට යොමු කරන බවත් ඒ සඳහා අනුමැතිය ලැබේ යැයි බලාපොරොත්තු වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට අද (27) පස්වරුවේ පැවසීය.
ප්‍රවේශපත් නිකුත් කිරීමේ ඉල්ලීමට අමතරව පළාත් අතර දුම්රිය ධාවනය සඳහා අනුමැතිය ලබා ගැනීමට ද බලාපොරොත්තු වන බව කී ධම්මික ජයසුන්දර මහතා ප්‍රවේශපත් නිකුත් නොකර දුම්රිය ධාවනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් බව ද සඳහන් කළේය.
වාර ප්‍රවේශපත් හිමියන්ට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර දීමේ තීරණය සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්දන කමිටුවේ තීරණයක් බවත් එය වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ද එම කමිටුවට පමණක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් කීය.

