දුම්රිය ප්‍රමාදයට මගීහු කලබල කරති


(රංජිත් රාජපක්ෂ)

කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වන විශේෂ දුම්රිය අද (1) පස්වරු 2.30 සිට පැයකට ආසන්න කාලයක් නාවලපිටිය දුම්රිය ස්ථානයේ නතර කර තිබිමට එරෙහිව විරෝධය පා එම දුම්රියේ ගමන් ගන්නා මගිහු නොසන්සුන්කාරි ලෙස හැසිරුණහ.

නාවලපිටිය දුම්රිය ස්ථානයේදි එම දුම්රියේ නියාමකයන් රාජකාරි සදහා මාරුවීමේදි යලිත් එම දුමේරියේ යෑමට නියාමකයන් දෙදෙනෙකු නොමැති නිසා එය නාවලපිටිය දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර මේ සම්බන්ධයෙන් නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමක දී ඔහු පවසා සිටියේ දුම්රිය මගින්ගේ චෝදනාව සත්‍ය බවයි. 

පසුව 3.30 ට පමණ පැමිණි දුම්රිය නියාමකයින් දෙදෙනෙකු එම දුම්රියට නංවා යළිත් නානුඔය දක්වා ධාවනය කිරිමට නාවලපිටිය දුම්රිය ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබිණි.