(රේඛා තරංගනී ෆොන්සේකා)
දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක්ව පවතින ඇඳන් සහිත නිදන මැදිරි සංකල්පය ඉදිරියේදී ඉවත් කර , ඒ වෙනුවට රාත්‍රී දුම්රිය නිදන ආසන මැදිරි වැඩි කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ තුළින් වැඩි දුම්රිය දෙපාර්තමේන්තුව ලාබ ලැබීම වැඩි කර ගත හැකි බවද හෙතෙම පැවසීය.
පළමු වැනි පන්තියේ නිදන මැදිරි ප්‍රවේශව පත්‍රයක මිල රුපියල් 1200 ක් වන අතර එක් මැදිරියක ගමන් කළ හැක්කේ මගීන් 12 දෙනකුට පමණි.
ආසන වශයෙන් ගත්විට මගීන් 40 කට වැඩි සංඛයාවකට මැදිරියක ගමන් ගත හැකි බව පෙන්වාදෙන සාමාන්‍යාධිකාරිවරයා 50 කට ආසන්න පිරිසකට ගමන් කළ හැකි මැදිරියක මගින් 12 දෙනකුට නිදන මැදිරි ලෙස වෙන් කිරීම දෙපාර්ත මේන්තුවට සිදුවන පාඩුවක් බව පැවසීය.
නිදන මැදිරි වෙනුවට නිදන ආසන සහිත මැදිරි පාඩු නොවන මට්ටමෙන් පවත්වාගෙන යාහැකි බව සඳහන් කරන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.