දුම්රිය ධාවනය හෙට සිට අරඹයි


මහින්ද නිශ්ශංක

කොරෝනා වයිරසය හේතුවෙන් සම්පූර්ණයෙන්ම  නවතා දැමුණු දුම්රිය ධාවනය හෙට(20) සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව අද දිනයේ පිටපළාත්වල සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය 23 ක් ධාවනය කෙරේ.

මහනුවර, ගනේවත්ත, රාගම, දුම්රිය එක බැගින් ද පොල්ගහවෙලින් දුම්රිය තුනක් ද, රඹුක්කනින් දුම්රිය දෙකක් ද, හලාවතින් දුම්රිය තුනක් ද, අවිස්සාවේල්ලෙන් දුම්රියක් ද, පුත්තලමින් එක් දුම්රියක් ද කොස්ගමින් එකක් ද ගාල්ලෙන් දුම්රිය තුනක් ද අලූත්ගමින් දුම්රිය දෙකක් ද, බෙලිඅත්ත සහ හික්කඩුව දුම්රිය එක බැගින් ද ධාවනය වන බවත් සවස්වරුවේ කාර්යාල දුම්රිය 23 ක්  කොළඹ සිට එම ප‍්‍රදේශ දක්වා ධාවනය කරන බවද දුම්රිය සාමාන්‍යධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පැවැසීය.