(මහින්ද නිශ්ශංක)
මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රිය හා අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (16) පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
ගාලු කුමාරි දුම්රියේ ගාල්ල දුම්රිය ස්ථාන ආසන්නයේ දී පෙ.ව. 7.30 ට පමණ ද අවිස්සාවේල්ල සිට කොළඹ බලා යන දුම්රිය නාරහේන්පිට හා කිරුලපන අතර උදේ 7.00 ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.

