දුම්රිය දැව සංස්ථාවට කෝටි 41 ක පොල්ලක් තියලා


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සිල්පර සැපයීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව රාජ්‍ය දැව සංස්ථාවට රුපියල් කෝටි හතළිස් එකකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව )පවසයි.

මෙම ප්‍රශ්නය රාජ්‍ය දැව සංස්ථාව ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සති තුනක් ඇතුළතදී ඉදිරිපත් කරන ලෙස එම කමිටුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නියෝග කර ඇත.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ වාර්තාවක් එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.