දුම්රිය ගේට්ටුකරු දුම්රියේ හැපී මරුට


(අමල් වික්‍රමරත්න) 

ගාල්ල මාගාල්ල අනුලාදේවි විදුහල අසල මාර්ගයේ දුම්රිය ගේට්ටුකරු ගේට්ටුව වැසීමට යාමේදී දුම්රියේ හැපීමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි.

මෙම ගේට්ටුව අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවක් වන අතර එහි සේවයේ යෙදී සිටි 73 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ තුවාල ලබා ඇත. ගේට්ටු මුරකරුට දුම්රිය පැමිණෙන බව දැනගැනීමට ලැබෙන්නේ දුම්රිය ඉතාම ආසන්න වීමත් සමගම වන අතර වරකට  එක් සේවකයකු පමණක් සේවයකරන මෙම ගේට්ටුවේ ගේට්ටු දෙකම වසාදැමීමට  ඔහුට සිදුවේ.