(ඩි.කේ.රත්න )
රුපියල් දෙසිය පනහක දෛනික වැටුපකට තව දුරටත් සේවයේ යෙදීමට නොහැකි බැවින් තම සේවය ස්ථිර කර දෛනික වැටුප වැඩි කිරීමට කටයුතු නොකරන්නේ නම් තුන්දහස් හත්සියයක් පමණ වන සියලූම සේවකයින් තම සේවාවලින් ඉවත්වීමට සැලසුම් කර ඇතයි ශ‍්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටු ක‍්‍රියාකරුවන්ගේ සංගමය පවසයි.
2013 වර්ෂයේ සිට මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක‍්‍රියාකරුවන් රාජකාරියේ යොදවා ඇතත් එදා සිට අද වනතුරු මෙම සේවකයින් ස්ථිර නොකර රුපියල් දෙසිය පනහක දෛනික වැටුපක් ලබා දෙන බවත් මෙම සේවකයින් අලූයම 3.00 සිට රාත‍්‍රී 11.00 දක්වා සේවයේ යෙදී සිටින අතර මේ වන විට මෙම මුදල කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බැවින් මෙම මුදල වැඩිකර තම සේවය ස්ථිර කිරීමට කටයුතු කළ යුතු බවත් අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටු ක‍්‍රියාකරුවන්ගේ සංගමයේ ලේකම් ඞී.පී.ඇලෙක්සැන්ඩර් මහතා පැවසීය.
මේ පිළිබදව ජනාධිපතිවරයා අගමැතිවරයා ප‍්‍රවාහන අමාත්‍යවරයා හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කළද මේ වන තෙක්ම කිසිදු සහනයක් නොලබීම නිසා ශ‍්‍රී ලංකාවේ සේවයේ නියුතු අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටු ක‍්‍රියාකරුවන් තුන්දහස් හත්සියයක් පමණ සේවයෙන් ඉවත්වීමට සැලසුම් කර ඒ පිළිබදව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් යොමු කර ඇතයි අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ග ගේට්ටු ක‍්‍රියාකරුවන්ගේ සංගමයේ ලේකම් ඞී.පී.ඇලෙක්සැන්ඩර් මහතා පැවසීය.