දුම්රිය ගමන් වාර නැවත දැනුම්දෙන තුරු සීමාකරයි


(විනීතා එම්. ගමගේ)
 
රටේ පවතින තත්ත්වය හමුවේ ධාවනය වන දුම්රිය වාරගණන අද (19) සිට සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
 
ප‍්‍රධාන මාර්ගයේ දිනපතා දුම්රිය ගමන් වාර 60 ක් ද, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 23 ක් ද, මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 69 ක් ද, කැලණි වැලි මාර්ගයේ ගමන්වාර 8ක් ද පුත්තලම් මාර්ගයේ ගමන් වාර 6ක් ද වශයෙන් දුම්රිය ධාවනය වනු ඇත.
 
ඒ අනුව පාසල් හා බොහෝ ආයතන වසා ඇති බැවින් මෙන්ම ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යාම සීමා කිරීමේ ද අරමුණින් නැවත දැනුම් දෙන තුරු දුම්රිය ගමන් සීමා වනු ඇත.