දුම්රිය ධාවනය අද (13) උදේ 10 පමණ සිට අඩාල වී යැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
රියදුරන් සේවයට වාර්තා නොකිරීම ඊට හේතුවයි.
කොළඹ සිට මීගමුව ,හලාවත,වේයන්ගොඩ,රඹුක්කන, දක්වා ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය පහක් පමණ අවලංගු කිරීමට සිදු වී ඇත.
පෙරවරු 9.45ට කොළඹින් පිටත් විය යුතු බදුල්ල දුම්රිය පැය තුනක ප්‍රමාදයකින් පසු 12.45ට පිටත් විය.

