දුම්රිය ආපදා රථයත් ආපදාවට


(මහින්ද නිශ්ශංක)

උතුරු දුම්රිය මාර්ගයේ පරසන්ගස්වැව හා මැදවච්චිය අතර පීලි පැනීමට ලක්වූ රජරට රැජින දුම්රිය මැදිර පීලිගත කිරීම සඳහා කොළඹ සිට ගිය දුම්රිය ආපදා රථය අද(15) කාර්මික දෝෂයට ලක්වී ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.

මේ හේතුවෙන් දුම්රිය මැදිරි පීලිගත කිරීමේ අද සවස සිට ඇනහිට ඇති අතර තවත් ආපදා රථයක් අද(16) කොළඹින් රැගෙන ඒමට නියමිතය.