දුම්රිය අනතුරින් 33ක් රෝහලේ


අලව්ව දුම්රිය අනතුරින් කිහිප දෙනකු මියගොස් 33 දෙනකු රෝහල් ගත කර ඇති බවත් ඉන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. එකම දිසාවට එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක්  ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. අතරමග කැඞී තුබූ දුම්රියක් නගරාන්තර දුම්රියෙන් අලව්ව දුම්රිය ස්ථානය දක්වා තල්ලූ කැර ගෙන ගොස් නවතා තිබියදී පිටුපසින් ආ මගී දුම්රියක් නගරාන්තර දුම්රියේ ගැටී තිබේ. නගරාන්තර දුම්රියේ නැරැඹුන් මැදිරිය විනාශ වී ඇතැයි දුම්රිය ආරංචි මාර්ග කියයි.