දුම්රිය අනතුරක් අනූ නවයෙන් බේරෙයි


මහනුවර සිට කොළඹ කොටුව දක්වා අද (7) පෙරවරුවේ ධාවනය කළ උඩරට මැණිකේ දුම්රියේ මැදිරි කිහිපයක් එඩේරමුල්ල දුම්රිය පොළ ආසන්නයේ දී ගැලවී නතරවීමෙන් පසුව නොගැලවුණු මැදිරි දුම්රිය ඇන්ජිමත් සමග වනවාසල දෙසට ධාවනයවූ බව දුටු දුම්රිය සේවයකයකු දැන්වීම නිසා සිදුවන්නට ගිය අනතුරක් වැළැකී ගියේය. දුම්රියේ ගමන් කළ එම සේවකයා ඒ බව නොදැන්වූයේ නම් ඊළඟට කොළඹට පැමිණීමට නියමිත රජරට රැජින දුම්රිය හා ගැලවුණු  මැදිරි ගැටීමෙන් ලොකු අනතුරක් සිදුවන්නට ඉඩ තිබූ බව මගීහු කියති. ගැලවුණු මැදිරි සවි කැරගෙන දුම්රිය පැය භාගයකට පසුව ගමනාන්තය දක්වා ගියේය. ගැලවුණු මැදිරි ගැලවුණු මැදිරි ගැලවුණු මැදිරි ඇදගෙන ආ ඇන්ජිම  ගැලවුණු මැදිරි යළි සවිකරයි