දුම්රිය අනතුර නූලෙන් වැළකෙයි


( මහින්ද නිශ්ශංක )
කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවන වන දුම්රිය සහ මරදාන සිට කළුතර  දක්වා ධාවනය වන දුම්රිය  මරදාන කෝවිල ආසන්නයේදී එකිනෙක ගැටීමට ගොස් නතර වී ඇතැයි දුම්රිය පාලන ආංශය කියයි.

කළුතර දක්වා ධාවනය වු  දුම්රිය, සංඥා නොතකා  ධාවනය වීම මෙයට හේතුව යැයි  දෙපාර්තමේන්තු නිලධාරියෙක් සඳහන් කළේය.

සිද්ධියෙන් කිසිවකුටත් හානියක් වී නැතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ හේතුවෙන්  ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය  ප්‍රමාදයක්  පවතී.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි