(මහින්ද නිශ්ශංක)
දුම්රිය වැඩවර්ජනයට එක්වී සිටි දුම්රිය අධීක්ෂණ කලමනාකරුවන්ගේ සංගමයට අයත් සියලු සංගම්වල සියලු සාමාජිකයන් අද (11) දින සේවයට වාර්තා කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය.
කොන්දේසි විරහිතව ඔවුන් සේවයට පැමිණ ඇති බවත් සාමාජික සංඛ්‍යාව 4000ක් පමණ වන බවත් පවසයි.

