(ඩයනා උදයංගනී)
දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපනය සංවෘත සේවාවන් බවට පත්කිරීමට රජය තීරණය කළ බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව මෙම ක්ෂේත‍්‍ර වෙනම පවතින සේවා බවට පත්වන නිසා එක් ක්‍ෂේත්‍රයක වැටුප් තලයක් සෙසු ක්ෂේත්‍රයන්ට බලනොපාන බව ද අමාත්‍යවරයා කීවේය.
දුම්රිය වෘත්තීය සමිතිවල ගැටලූව විසඳීමට පත්කළ අමාත්‍ය අනු කමිටුව ඔවුන් සමග කළ සාකච්ඡාවේදී ගත් තීන්දුවකට අනුව මෙම පියවර ගන්නා බව කී අමාත්‍යවරයා මීට අදාළ කැබිනට් පත‍්‍රිකාව ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ද ප‍්‍රකාශ කළේය.
එමෙන්ම සංවෘත සේවාවක් තුළ දුම්රිය සේවකයින්ගේ ගැටලූ විසඳීමට ඉදිරියටත් සාකච්ඡා කරන බව කී ඇමතිවරයා ඔවුන්ට වැටුප් වැඩිකිරීමක් ලබාදීම සම්බන්ධයෙන් රජයේ විරුද්ධත්වයක් නැතැයි ද පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

