දුම්කොළයක් ළඟ තබාගත්තාට සිරදඬුවම්


 

(ටෝනි කරුණානායක)
 
බන්ධනාගාර තාප්පයට පිටත සිට බන්ධනාගාරය තුළට විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් තම බාරයට ගෙන එහි තිබූ දුම්කොළයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් මහර බන්ධනාගාර රැඳවියකුට මාස 4 ක ලිහිල් සිරදඬුවමක් ගම්පහ දිසා විනිසුරු රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා අද (2) නියම කළේය.
 
බන්ධනාගාර ආඥා පනතේ සදහන් වගන්ති ප්‍රකාරව අධිකරණ නියමයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන රැඳවියකුට එසේ ලිහිල් සිරදඬුවම් නියම මහර බන්ධනාගාරය තුළදී සැකකාර රැඳවියාට චෝදනා පත්‍රය කියවා දීමෙන් පසුව එම රැඳවියා චෝදනාවට වරද පිළිගැනිමෙන් පසුවය.
 
අධිකරණ නියමයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන ඩබ්ලිව්.ලහිරු සදරුවන් නැමති රැදවියාට මෙසේ ලිහිල් සිරදඬුවම් නියම විය.